ad

සමනලියේ නුඹ ඉන්න හදවතේ හැමදාම...


ගිම්හානය නිමා වී
සිරි පොද වැස්සක්
අරන් වස්සානය ඇවිත්
නෙතු පියන් හැර යළිත්
පිබිදෙන්න සුවඳ මල්...

මිහිදුම් වලා පට ගෙන
යන්න නැවතත් ඉතින්...
මද සුළඟ වී එන්න
නැවුම් සුවඳත් අරන්....

නෙත් කෙවිනි මත රැඳුන
කඳුලු කැට පිස දමා
සමනලියේ නුඹ ඉන්න
හදවතේ හැමදාම.....
                                        

සමනලියේ නුඹ ඉන්න හදවතේ හැමදාම... සමනලියේ නුඹ ඉන්න හදවතේ හැමදාම... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:17 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.