ad

ආයෙමත් ඉස්කෝලේ මම එන්නෙ නෑ කියලා..


හවස් වී ගන එනවා
අම්මේ දැන්නම් ටික ටික....
තවත් දුර යන්න තියනවා
මේ ටික කඩේට දීලා එන්න..
රෑ වෙයි අද නම් මම
ගෙදර එන්නට...


ඉස්කෝලේ ටීචර් අදත්
මට හම්බ වුනා..
ඇයි අදත් ආවේ නැත්තේ
ඇහැව්වා මගෙන්...
කියන්නට කිසි දෙයක්
ආවේ නෑ මතකයට...
හිතෙන්නට ඇති ඇයට
මගේ මූණ දුටුවාම...
ආයෙමත් ඉස්කෝලේ
මම එන්නෙ නෑ කියලා..


තාත්තා වාගෙම කෙනෙක්
දැක්කා මම අතරමග
ඒත් එයා නම් නෙවෙයි
ලඟටම ගිහින්ලා බැලුවාම
ඉක්මනට එනවා අම්මෙ මම
දුක් වෙන්න එපා නුඹ
....


ආයෙමත් ඉස්කෝලේ මම එන්නෙ නෑ කියලා.. ආයෙමත් ඉස්කෝලේ මම එන්නෙ නෑ කියලා.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:46 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.