ad

''අනේ දෙවියනේ,මෙහෙමත් මිනිස්සු''



වැහි වළාකුලු ඇවිත්
වසාගන නගරයම...
කඩා හැලෙනා මහා
වරුසාවට මැදිව..
කුඩයක් නැති අඩුව
ගැන දොස් තබමින්
හිතට දිවගොස් නැවතුනෙමි
බස් නැවතුමක යට...


මාවත අද්දරින් ගලා එන
කලු පැහැ ගත් වැහි වතුර..
කුඩා පොකුණක සිරිය
මැව්වා බස් නැවතුම ඉදිරියෙම
කරදහි බෝට්ටු පා කල
අතීතය නැගුනා මතකයට...


චරාස්...//හඬ නැගුන එකවරම
ඉහළ නැගි වැහිදිය පොකුණ
නැහැව්වා...සැණෙකින්
බස් නැවතුමේ සිටි සියලු අය..
''
අනේ දෙවියනේ,මෙහෙමත්
මිනිස්සු''කවුදෝ හඬ නැගුව
වීදුරු අඳුරු කොට ඈතට ඇදී යන
සැප රිය දෙස බලාගන.....



''අනේ දෙවියනේ,මෙහෙමත් මිනිස්සු'' ''අනේ දෙවියනේ,මෙහෙමත් මිනිස්සු'' Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:40 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.