ad

සිරිදාසගේ සිතුවිල්ලක්


රාස්සිගේ අව්ව ඇවිල්ලා
ගල් කන්ද මුදුනින්..

ඩහදිය රැඳි සිරුර

ගෙන දෙන විඩාවට

අස්වැසිල්ලක් වෙන්න

සුළං රැල්ලක් නැද්ද

අත් දෙක රිදුම් දෙනවා
දැන්නම් හොඳට....


දුක සැප දෙකම

දන්නේ මේ කුලු ගෙඩිය..

කහට කෝප්පය බිව්වෙත්

හොඳටම හවස...

බඩගිනි දැනෙනවා

දැන් අතොරක් නැතිව..


බිඳෙන ගල් කැබලි
වල ගණනට ගෙවන

සොච්චම මදි
බව
රකින්නට දරු පවුලෙ

බඩ වියත..කාට මගෙ

දුක පවසම්ද
?මේ මහ
කලු ගලට හැර...

"සිරිදාස,කරන්නට වැඩ නැද්ද"
ඕර්සියෙල් ගේ
ගොරහැඩි හඞින්
බිඳුනා සිතුවිලි දැහැන...

සිරිදාසගේ සිතුවිල්ලක් සිරිදාසගේ සිතුවිල්ලක් Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:50 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.