ad

නෙතු දෑල අද්දරට ඇවිත් නුඹ හෙමිහිට..


හිරිපොද වැහි වැටෙන
රෑ
අඳුර එකලු කර..
සිහිනයක
දැවටිලා හිත ගිහින්
දුර
ඈත..
නැවතුනා
හිත ගිහින්
නුඹ
හිඳින ඉසව්වෙම..

හමා එන මද නල ගෙන එයි
නුඹේ
සුවඳ..
පිපෙන
මල් කැකුලු මත
සුවඳ තවරන්න..

මුවගේ හසරැල්ල මතකයේ
රඳවන්න
..
නෙතු
දෑල අද්දරට ඇවිත්
නුඹ
හෙමිහිට....
පෙම්
කවක් ලියන්නට
පද
වැලක් අමුණන්න....


නෙතු දෑල අද්දරට ඇවිත් නුඹ හෙමිහිට.. නෙතු දෑල අද්දරට ඇවිත් නුඹ හෙමිහිට.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:35 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.