ad

රුවල් තරුව දිලිහෙන හැටි බලාගන


සීතල හුළං රැලි ඇඟ හිරඟඬු පිපෙන
කරදිය රැළි ඇවිත් ඔරු තල්ලේ වැදෙන
කලුවර මකන ලන්තෑරැම් එළිය
පන්න කරන්නට තව දියඹට යා යුතුය

අවල් ඇදලා කරගැට පුපුරන දෑත
ඇදුම් කනවා ලුණුවතුරට තෙමුනාම
අමතක වෙනව ගේ පැල සිහියට ආවාම
ගින්දර පපුවේ හිරකරගන නුඹ
ඉන්නවා ඇති දරු පැටවුන් තුරුලු කර

වල්කල උඩින් අහසේ පායල තියන
රුවල් තරුව දිලිහෙන හැටි බලාගන
මුහුදු කඩවරගේ බැල්මෙන්
ඔරුවම පුරවගන...
එන්නම් උදේ ලෙල්ලමටත් ගිහිල්ලම....
රුවල් තරුව දිලිහෙන හැටි බලාගන රුවල් තරුව දිලිහෙන හැටි බලාගන Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 12:09 AM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.