ad

රහස එයයි,වෙනස් නොවුන මල් වල ඇති අගයේ...



මල් සුවඳත් පරයන්නට
ගල්වාගන සුවඳ..
අරුමොසම් ආයිත්තම්
දවටාගන බොහොම..
කොහොන් සල්ලි දීල
ගත්තද නුඹ ඔය
සංකර ඇඳුම...


වෙනසක් කරලා වරලසේ
ඉපදෙන කොට තිබු පාටේ..
ගල්වාගන වත්සුණු හොඳහැටි
ඔය මුහුණේ...
රුව ලස්සන වැඩිවෙයි කියලා
හිතුවද නුඹ ළඳුනේ..


ලස්සන විඳින්නට මල් වල
ඇති සුවඳේ...
පුලුවන් වෙයිද වෙනසක්
කලොත්
මල් පෙතිවල පැහැයේ...


සොබාදහමේ පිපී සැලෙන
මල් වල ඇති සිරියේ...
රහස එයයි,වෙනස් නොවුන
මල් වල ඇති අගයේ
...

රහස එයයි,වෙනස් නොවුන මල් වල ඇති අගයේ... රහස එයයි,වෙනස් නොවුන මල් වල ඇති අගයේ... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:43 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.