ad

තවත් එක් මවකගේ සිතිවිල්ලක්.......


පහු කරන් යන ඈයෝ
පිළිකුලෙන් බලන හැටි
කාලකණ්නියෝ කියලා
මුමුණමින් කියන හැටි
පෙනෙනවා හැමවිටක
මොනවා කරන්නද
මේකයි ජීවිතය.....


ඉඳහිටලා කවුරුහරි කෙනෙක්
දෙන මාරු කාසි ටික අරන්
බොන කහට ඩිංගෙන්
හුඟක් දවසට බඩගින්න නම් නිවෙනවා..
බඩගින්න නිවෙන්නට
පොහොය දවසට
බත් එකක් නම් ලැබෙනවා..
මතක් වෙන කොට සිල් ගත්ත හැටි
හිතට දුක මට දැනෙනවා...


පුතේ උඹෙ රුව මකන්නට බෑ
තාම මේ හිතේ මැවෙනවා...
දරු මුණුපුරන් දැන් ලොකු ඇති
දකින්න ආසා හිතෙනවා...
ඒත් ආපහු එන්න බෑ මට
උඹලගේ සමගිය බිඳෙනවා.......


ඉර අව්ව තද වුනත්
මහ වැහි වැටුනත්
හිසට නෑ සෙවනක්
හිතට නෑ නිවනක්
තව ගොඩක් කල්
නෑ ගෙවන්නට ජීවිතය..
නුපුරුදු නෑ දැන් මේ මහ පාර........



තවත් එක් මවකගේ සිතිවිල්ලක්....... තවත් එක් මවකගේ සිතිවිල්ලක්....... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:39 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.