සීතල පිණි කැට විසුල
අතු ඉති මත මවන
සිත්තමට පෙම් කරන
රිදී පැහැ සඳකිරණ...
සිතිවිලි අකුරු කල
සොඳුරු වූ නිමේෂය
තනුවක් ගෙන ඇවිත්
ගීතයකට නැගුවේ,නුඹද?
තාලයට ස්වර රටා
අමුණලා එක දිගට...
නුඹ වයන ඒ තනුව
අහන් ඉන්නම්..මම
හැමදාම මේ විලස....
තනුවක් ගෙන ඇවිත් ගීතයකට නැගුවේ,නුඹද?
Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ
on
11:48 PM
Rating:
No comments: